පිටසක්වල ජීවින්ද මිනිසුන් ලෙස වෙස්වලාගෙන මිනිසුන් සමග සාමාන්‍ය සමාජයේ ජීවත් විය හැකි බව ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යන වාර්තාව මගින් සඳහන් කර ඇත.
අද (14) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙයි.
අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ටේ්‍රලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව ජුනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරයි.
රුසියාවේ හමුදා සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම මින් ඉදිරියට සිදු නොකරන බවට රුසියානු විදේශ ඇමැති සෙර්ගෙයි ලැච්රොඩ් මහතා මෙරට විදේශ ඇමැති අලි සබ්රි මහතාට පොරොන්දු වී ඇත.
අක්ෂි රෝගීන් සඳහා සිදු කෙරෙන ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඇස් දියරය තත්ත්වයෙන් බාල බව සොයා ගන්නා විටදී ඉන් කුප්පි 21510ක් රෝගීන්ට ලබාදී ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.
බස්නාහිර, සබරගමු වසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කර ගත් ගැටළු යළිත් ඇති නොවීමටත්, සෑම පුරවැසියෙකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ලබා දීමටත්, එකී ගැටළු විසදීමේ වගකීම ඊළඟ පරපුරට භාර නොදීමත් අද අප හමුවේ ඇති යුතුකමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති සභාපති කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.