දේශපාලන සහ සමාජීය පුවත්

බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 10:12

ගං වතුර බැස යාමත් සමග මී උණ ඉහලට…

ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මීය පැවසීය.

2023 / 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අධික වැසි සමග ඇති වූ ආපදාවලින් මියගිය පුද්ගලයින් ගණන 21ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජපානයේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉතාමත්ම සුවිශේෂී දිනයක් වූ ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකජී විහාරස්ථානයට වසර 40 පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී එම විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශකීල් සිද්ධිකි මහතා රචනා කළ ග්‍රන්ථය සිද්ධිකී මහතා සහ එහි ප්‍රකාශක නුවන් මැදගේ යන මහත්වරු ලංකජී විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ට පිරිනැමීමට කටයුතු කලේය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් විදේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පස් කඳු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහා මාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.

සමීක්ෂණ විද්‍යාත්මක නෑ..! නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට පාඨලීගෙන් ආරාධනා..! පැරණි බොල්ෂෙවික්වාදී අයටොල්ලලාට රටේ අනාගතය නාස්ති කරන්න ඉඩ දෙන්න එපා..! වාද විවාද කරමින් ඉන්නවා වෙනුවට වැඩපිළිවෙළ හා වැඩ කරන හැටි ගැන සාකච්ඡා කරන්න අපි සූදානම්

මීට වසරකට පෙර දොරට වැඩි එක්සත් ජනරජ පෙරමුණ වසරක් වූ කෙටි කාලයක් තුළ විශාල පක්ෂයක් බවට පත් කිරීමට වෙහෙස මහන්සි වූ සියළු දෙනාටම ස්තුතිය පල කරන බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website