දේශපාලන සහ සමාජීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පූර්වගාමීන් මෙන් ශ්‍රී ලංකාවේ මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් අයෙක් නොවේ. බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ඔහුව පත් කර ගන්නා ලදී. මුහුණ දී තිබෙන බරපතල සමාජ-ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට රටට ආධාර වීමක් වශයෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගන්නට මඟ පෑදූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුම මගින් ආර්ථිකය ස්ථාවර බවට පත් කළේ තමා පමණක් බව පවසමින් වික්‍රමසිංහ මහතා ජනතාව අතර පදනමක් ගොඩ නඟා ගන්නට කටයුතු කරමින් සිටියි. ආර්ථීකය ප්‍රකෘතිමත් වී තිබෙන බවට පාලන තන්ත්‍රයට පක්ෂපාත අය විසින් කරනු ලබන ප්‍රකාශ තිබුනේ වුවද, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් තවමත් අඳුරේ පවතී.

රේගු බදු නොගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට පසුව එහි දත්ත මකා දමා ඇතැයි අනාවරණය වී ඇති රුපියල් කෝටි සියයකට ආසන්න වටිනාකමක් සහිත අතිසුඛෝපභෝගී වාහන හයක් වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදෙන ලෙස

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් පසුගියදා (30)ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.

තමන්ට ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා ලැබෙමින් ඇති බවත් ආණ්ඩුවට එක්වුවොත් ප්‍රභලම ඇමති ධුරයක් පවා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මින්ද සිල්වාට , අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට , ගලගොඩ අත්තේ ඥාණසාරට සහ එමිල් රංජන් ළමා හේවාට බන්ධනාගාර රෝහල අවන්හලක් බව එම රෝහලේ සිට ඇප මත පැමිණි තරුණයෙකු ලංකා ස්කයි නිව්ස් සමග පැවසීය .

යාපනයේ ඌකාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදු වන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලිසියට පැමිණ භාර වීමත් සමඟම පොලිසිය එම නේවාසිකාගාරයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:16

පාසල් 300ක් නාය යාමේ අවදානමේ…

නාය යෑමේ අධි අවධානම් ස්ථාන වල පාසල් 300ක් පිහිටා ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පරීක්ෂණ සහ අවදානම් කළමනාකරණ ඒකකයේ ජේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website