දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 21 පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 15 අයත් පුද්ගලයන් 67591 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 17078 දෙනෙකුට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටියි.
ජනාධිපතිවරයා ඇතුළු බලය ලබාගැනීමට සුදානම් වන සියළුම පක්ෂ නායකයින් වෙත ආයාචනයක් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති කරු ජයසූරිය මහතා මීලඟ මැතිවරණයට පෙර රටේ සියලු සියළුම ජාතීන්ට හා ආගමිකයන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි සමගි සම්පන්න එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන්ගේ ස්ථාවරය පැහැදිළි කරන ලෙස ඉල්ලීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.
එළෙඹෙන 22 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් එය සම්මත වීමෙන් පසුව කුමන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19 )නිකුත් කර තිබේ.
ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්විණි.
ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව සාංචි මහා විහාරය සමග එකතුව මෙවර වෙසක් උත්සවය ප්‍රථම වරට උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.
කොළඹ, ශ්‍රී ලංකාව - 2024 මැයි 18 - ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමය (SLCFA ) විසින් "ශ්‍රී ලංකා චීන මිතුදම" සිංහල බසින් ලියැවුණු ග්‍රන්ථය සාඩම්බරයෙන් එළිදැක්වූයේ පසුගියදා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති උත්සව අවස්ථාවකදීය.