දේශපාලන සහ සමාජීය පුවත්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට (04) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියා,ව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (04) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබේ.

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විට අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 02 මැයි 2024 10:56

අද සිට උද්ඝෝෂණ රැල්ලක්

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.ඊට සමගාමීව අද කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බව එම සංගමයේ සභාපති කේ.එල්.උදයසිරි මහතා සදහන් කරයි.

2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

වැඩිහිටියන් - ගුරු දෙගුරුනුත් නීතියට යටත් කරයි

එජාපය-කොළඹ මාලිගාවත්තේ

ජාජබ-තැන් හතරක

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා වාහන වල නවත්වන වාහන වලින් සිඟමන් යදින අයට මුදල් ලබා නොදෙන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අඟහරුවාදා, 30 අප්‍රේල් 2024 09:50

මාලිමා විදේශ ඇමති ගැන අනුර කියයි..

ඉදිරියේදී පිහිටුවන ජාතික ජනබලවේග ආණ්ඩුවකදී පත් කරන විදේශ අමාත්‍ය ධුරයට පත් කරන අයෙකු සිටින බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

අකාර්යක්ෂම බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව කඩිනමින් පියවර ගැනීමට අවධානය යොමුව ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website