දේශපාලන සහ සමාජීය පුවත්

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ගුවන් යානාවලට ඉන්ධන ගෙනවිත් අලෙවි කිරීමට ගුවන්තොටුපලෙන් ඉඩමක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ප්‍රශ්න ගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධුරයක් තිබියදී වුව කිසිම කොන්දේසියක් නැතිව තමා රට බාරගත්තේ නිසි සැලැස්මක් සහ ජාත්‍යන්තර සම්බන්ධතා නිසා බව

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නීති විරෝධි විදෙස් රැකියා ඒජන්තවරුන්ට හසු නොවන ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා දැනුම් දීමක් කරයි.

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ නින්දුව අද(08) ප්‍රකාශයට පත් කළේය.

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම වසරේ (2024) ගතවූ මාස 4යි දින 7ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදෙදහස් හාරසිය හතළිස් තුන්දෙනකු (22,443) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසු­ගිය කාලයේ සිදු වූ ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධ විශේෂ විම­ර්ශ­න­යක් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම ආරම්භ කර තිබේ.

ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website