ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත‍්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
ලංකා සතොස ආයතනය යටතේ දැනට ඇති මත්පැන් බලපත්‍ර සියයෙන් පනස් පහක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රීන්ගේ බෑණා වන අර්ජුන් අලෝසියස්ට අයත් සමාගමකට පැවරීමේ සූදානමක් ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි.
පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රුසියා යුක්‍රේන යුද්ධයට මෙරට පුද්ගලයන් නීති විරෝධී ලෙස යොමුකිරීමෙ මිනිස් ජාවාරමට සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිලි සංඛ්‍යාව 243ක් දක්වා ඉහළගොස් ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.