දේශපාලන සහ සමාජීය පුවත්

ඉරිදා, 07 ජනවාරි 2024 09:43

ශ්වසන රෝග බෙහෙත් හිඟයි

ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා කඩිනම් මෙහෙයුමකින් මුදා ගැනීමට මියන්මාර රජය එකඟ වූ බව මියැන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා තමන් බන්ධනාගාර බන්ධනාගාර මැදිරියෙන් ඉවතට ගෙන දණගස්වා තම හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවියකු විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දී තිබේ.

කලකට පෙර පක්‍ෂ මාරු කරායි යැයි සැක සහිත එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිංගප්පූරුවේ හෝටලයක රැඳවීමකට එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා සිටි රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සවන්දුන් අයකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:47

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව කටයුතු කිරීම අභියෝගාත්මක වුවත් ඉන් බැහැර වීම මූල්‍ය පද්ධතියට මෙන්ම ආර්ථිකයට අනර්ථකාරී මෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website