2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.
පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට හා නයන වාසුල යන අයට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී ප්‍රකාශ කළේ අනියම් ආකාරයෙන් රටේ ජාතික ධනය සොරකම් කරගෙන උපයන කළු සල්ලි සියල්ලම රාජසන්තක කරන බවය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (7/23) අත්අඩංගුවට ගන්නා ලදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2024 ජූලි මස 22 වැනි දින සිට සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමින් මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.