බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තම බිරිඳ නිරුවත් කර ඇයගේ දෑත් හා දෙපා ගැටගසා කොච්චි මිරිස් තළා ඇයගේ ශරීරයට ඇතුළු කළේ යැයි චෝදනා එල්ල වූ සැමියකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූමිකම්පාවක් ඇති වූවොත් ඉන් සිදුවිය හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාවේ පැවති රැස්වීමේදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා තාවකාලික සභාපති ධුරයට පත්කර, ගැසට් නිවේදන 08කට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමට එම කාරක සභාව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් යළි මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.
වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය අද (04) පෙරවරු 9.00 සිට හෙට දහවල් 12.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 2 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර තිබේ.