මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විපක්ෂයේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු ඒමට සූදානමක් ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
ණය පිට ණය ගැනීම හරහා නැවතත් රට ණය උගුලක සිර කිරීම ආණ්ඩුවේ සූදානම බවත් මෙම ණය ගැනීම හේතුවෙන් තවත් වසර පහකින් පමණ මීටත් වඩා දැවැන්ත ආර්ථික අර්බූදයක මේ රට යළි සිර වනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිටි මිල අඩු කිරීම සැලකිල්ලට ගනිමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තීරණය කරන ලද බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (09) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
නොරොච්චෝලේ බලාගාරයේ විෂ දුම් හේතුවෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් පවසයි.
එළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (08) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.