දේශපාලන සහ සමාජීය පුවත්

බගවන්තලාව වැවිලි සමාගම යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු කිහිපයකම වතු කම්කරුවන් තේ දළු කිරන විද්‍යුත් තරාදිය භාවිතයෙන් ඉවත් කරන ලෙස වතු පාලන අධිකාරියට බල කරමින් (22) දින කොටියාගල තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

බදාදා, 22 පෙබරවාරි 2023 14:09

සජිත් ලොකු හෙලිදරවුවක් කරයි..

අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් නව නීතියක් හරහා මෙතෙක් කලා මහබැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවල දි ගොවිතැනට, කෘෂිකර්මාන්තයට, ව්‍යාපාරවලට දුන් සහන ණය අහෝසි කිරීමටට සූදානමක් පවතින බව විපක්ෂ නායකවරයා පැවසීය.

මොණරාගල බුත්තල ප්‍රදේශයේ අද දහවල් නැවතත් සුළු භූ චලනයක් ඇති වී ඇත.

හබරාදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු විසින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට සිදුකළ පහරදීමකින් ඔහු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදාදා, 22 පෙබරවාරි 2023 08:30

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (22) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල බලය ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත බව භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩුවේ සභාපති කේ. අන්නාමලේ සඳහන් කරයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website