අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ.
පුද්ගලාභිවන්දන යුගය අවසන් කර ඒ වෙනුවට වැඩපිලිවෙලක්, ප්‍රතිපත්තියක් රජ කරවන යුගයක් අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වයස අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතිය ඉවත් කර ගැනීමට උපදෙස් දුන් බවත් එය පාර්ලිමෙන්තුවෙන් ද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
අයි.එම්.එෆ්. සහ ඉන්දියානු මැදිහත්වීමට එරෙහි සටන ඇත්තේ පාර්ලිමේන්තුවේ නොව එළියේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය කළේ කවුද කියා තමන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළ හොත් ඒ අය හෙළි කිරීමට සූදානම් බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා මෙරට ලිංගික වෙළෙඳ පොළක් කිරීමට ආණ්ඩුව දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට සූදානම් වන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ (21 දා) ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.