ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා පිහිටි වෙලදසැල සංචාරක හෝටල් වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය වල සාම්පල් ලබා ගැනිම මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් (17) දින සිදු කරනු ලැබුහ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) පෙත්සමක් ගොනුකර තිබේ.
මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණවී තිබේ.
මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
වර්ජනයක් ක්‍රියාත්මක වුවද, දිවයින පුරා ලංකා බැංකු ශාඛා 265 ක් සහ මහජන බැංකු ශාඛා 272 ක් අද (15) ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් අද (15) වැඩ වර්ජන දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.
බස්නාහිර පළාතේ පාසල්වල හෙට(15) පැවැත්වීමට නියමිත සියලු විභාග කටයුතු කල් දැමූ බව පළාත් අධ්‍යාපන ලේකම්, සිරිසෝම ලොකු විතාන මහතා පවසයි.