අමෙරිකාවේ බැල්ටිමෝර්හි පාලමක ගැටී අනතුරට පත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව තුළ විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
මේ රටට සාමය උදා කරපු තිස් අවුරුදු යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්‍ෂ යුග පුරුෂයා ගැන අපිට විශාල ගෞරවයක් තියෙනවා. නමුත් එතුමා දැනගත යුතු කාරණයක් තමයි එතුමාගේ සහෝදරයා පස්සෙන් යන්ට අපි නිවටයෝ නෙවෙයි. වහල්ලු නෙවෙයි. ඒක මතක තියාගන්න ඕන යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා 30දා බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතා පැවැසීය.
නීති විරෝධී ක්‍රමවලින් රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම්දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන 5 ක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක (ඩැට්) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72කට අයත් ලක්ෂයකට අධික සාමාජිකයන් අනිද්දා (02දා) සිට යළි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණවීමට තීරණය කර ඇත.
පාස්කු බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙලිකළ බව කියන පුද්ගලයා හඳුනාගැනීමට රහස් පොලිසිය විසින් විශේෂ ස්ථානයක කැමරා පද්ධතියක් පරීක්ෂාවට ලක් කළ බවට සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දින දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්‌තමේන්තුව සදහන් කරයි.