බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
පවතින අධික වියලි කාලගුණික තත්වය හමුවේ ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද කෘතිය දැක බැසිල් රාජපක්ෂ මහතාට යකා නැග සිටින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංග වීරතුංග මහතා පවසයි.
අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පානිය ජලය සොයා පැමිණෙන සතුන් ඝාතනය කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතාව පවසයි .
තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් කුඩු නාලිකාවේ හිමිකරු තමන් ඝාතනය කිරීමට උත්සාහ දරන බව රංගන ශිල්පිනී මහේෂි මධුසංකා සඳහන් කරයි.
නීති විරෝධී පිරමීඩාකාර ගනු-දෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩී ටී“ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් ‘සෑම් බස්නායක“ සහ ජෝර්ජියානු ජාතිකයකු
තමන් විසින් ඉල්ලුවේ ණය හිමියන් සමඟ සාකච්ඡාවක් බවත් නමුත් ආණ්ඩුව දෙන්න හදන්නේ මුල්‍ය අරමුදල සාකච්ඡාවක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10)පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.